කදිරගාමර්|KADIRAGAMAR Epe: 02
පූජනීය කිරිවෙහෙර විහාරස්ථානය
කතරගම අතිශයින්ම පුණ්‍ය භූමියේ පිහිටා ඇති කිරි වෙහෙර චෛත්‍යය, ශ්‍රී ලංකාවේ ඇති පෞරාණික හා වැදගත් බෞද්ධ ස්මාරකයන්ගෙන් එකකි. එය බුදුරජාණන් වහන්සේගේ වැඩමවීමෙන් පූජනීයත්වයට පත් වූ සොලොස්මස්ථානයන් අතරට ගැනෙන අතර, එය දිවයිනේ අධ්‍යාත්මික උරුමයේ මූලික හරය නියෝජනය කරයි. මෙම චෛත්‍යය ක්‍රි.පූ. තුන්වන සියවස පමණ වන විට රුහුණු රාජධානියේ රජ කල දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු වූ මහානාග රජු විසින් ඉදිකර තිබේ. එය මුල් කාලයේ මංගලමහාසෑය ලෙස හැදින්වුණු අතරම පසුකලෙක, වසර දහස් ගණනක් පුරා එහි පවතින්නා වූ අලංකාර, කිරි සුදු හුණු පිරියම හේතුවෙන් එය කිරි වෙහෙර යනුවෙන් හැඳින්විණි.
මෙම චෛත්‍යය ඉදිකර ඇත්තේ අතිශය වැදගත් සිදුවීමක් සිහිපත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ තෙවැනි සහ අවසන් අවස්ථාව සිහිපත් කිරීම සඳහායි. ජනප්‍රවාදයන්ට අනුව, බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයේදී රජුට සහ ඔහුගේ පිරිසට ධර්ම දේශනාවක් පවත්වා ඇත. මෙම සිදුවීමට ගැඹුරු අධ්‍යාත්මික වටිනාකමක් එක් කරමින්, එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සමඟ 500 අර්හත් භික්ෂු පිරිසක් වැඩම කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එහිදී අරහතුන් වහන්සේලා 500 දෙනා රජු,පිරිස සමඟ ධර්මය ශ්‍රවණය කොට තිබේ. රජතුමා එහිදී සෝවාන් ඵලයට පත් වී ඇති අතර, පසුව බුදුන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා සහ ධර්ම දේශනාව සිදු කළ රන් ආසනය ද ඇතුළු ධාතුන් වහන්සේලා මෙම චෛත්‍යයේ තැන්පත් කර එය නිර්මාණය කර ඇති බව ජනප්‍රවාදයේ පැවසේ.
අඩි 95ක් උසට නැඟී, අඩි 280ක වට ප්‍රමාණයකින් යුත් මෙම විශිෂ්ට චෛත්‍යය, සමස්ත පූජා භූමියේම ඉහළට විහිදෙමින් අලංකාරව පවතී. එහි පිහිටීම නිසා කිරි වෙහෙර අන්තර් ආගමික සහජීවනය ඇති අද්විතීය සිද්ධස්ථානයක් බවට පත්ව ඇත. එය සුප්‍රසිද්ධ රුහුණු මහා කතරගම දේවාලයට සමීපව පිහිටා ඇත. මෙම සමීප පිහිටීම නිසා බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ ආදීවාසී ජනතාව යන විවිධ ඇදහිලිවලට අයත් වන්දනාකරුවන් අධ්‍යාත්මික සහනය සහ ආශිර්වාදය පතා මෙහි පැමිණෙති. එබැවින් කිරි වෙහෙර යනු හුදෙක් පුරාණ ස්මාරකයක් නොව, ශ්‍රී ලංකාවේ අධ්‍යාත්මික ඉතිහාසයේ සහ සංස්කෘතික සමගියේ බලවත්, සජීවී සංකේතයකි.
The Sacred Kirivehera Temple
The Kiri Vehera Temple, located in the Kataragama sacred site, is one of the most ancient and important Buddhist monuments in Sri Lanka. It is one of the 10 sacred sites of the Lord Buddha, and represents the core of the island's spiritual heritage. The temple was built around the 3rd century BC by King Mahanaga, brother of King Devanampiyatissa of the Ruhuna Kingdom. It was originally known as Mangala Mahaseya, but later, due to the beautiful, white, milky whitewash that has been preserved there for thousands of years, it was called Kiri Vehera.
This stupa was built to commemorate the third and final visit of Gautama Buddha to Sri Lanka, a very important event. According to legend, the Buddha delivered a sermon to the king and his entourage at this place. Adding to the profound spiritual significance of this event, it is said that 500 arahant monks accompanied the Buddha on that occasion. The 500 arahants listened to the Dhamma with the king and his entourage. Legend has it that the king attained enlightenment there, and later the relics, including the Buddha's hair relic and the golden seat on which he delivered the sermon, were placed in this stupa and created it.
Rising 95 feet high and 280 feet in circumference, this magnificent stupa dominates the entire sanctum sanctorum. Its location makes Kiri Vehera a unique place of interfaith harmony. It is located close to the famous Ruhunu Maha Kataragama Devalaya. Due to this proximity, pilgrims of various faiths, including Buddhists, Hindus, Muslims and indigenous peoples, come here seeking spiritual solace and blessings. Kiri Vehera is therefore not just an ancient monument, but a powerful, living symbol of Sri Lanka’s spiritual history and cultural unity.
Article By:- Nimashi Poornima

Comments
Post a Comment