World Teacher’s Day
World Teacher’s Day
ගුරුවරයා... දිවියක් දෙමින් දිවිය ගසන මිනිසාය
ඔබේ ජීවිතයේ සැබෑ ආලෝකය විහිදෙන්නට ආරම්භ වන්නේ කවුද කියා ඔබ සිතා බලන විට, බොහෝ දෙනාගේ සිතිවිලි ගමන් ගන්නා මංසන්ධියක් වන්නේ “ගුරුවරයා” ය. ගුරුවරයෙක් යනු සන්සුන් මනසකින්, දයාබර සිතිවිලි වලින්, දරුවන් දෙස බලන දැනුමත්, ආදරයත්, ජීවිතයත් අන් අය වෙනුවෙන් කැප කරන ඒ අභිමානවත් පුද්ගලයාටය. ඔවුන්ට ගරු කිරීමක් පිණිස ලෝක ගුරු දිනය සමරනු ලබයි.
එම දිනය ඔක්තෝබර් 5 වන දිනට යෙදී ඇත.
ගුරුවරුන්ගේ කැපවීම, මිනිස්සුන් ලෙසින්ම අපව හැඩගස්වීම සඳහා කරන දායකත්වය, හා ඔවුන්ගේ නොපෙනෙන මහන්සිවලට උපහාරයක් වශයෙන් සැමරේ. UNESCO සංවිධානය මඟින් 1994 වසරේ සිට මෙම දිනය ලෝක ව්‍යාප්තව සැමරෙන්නට තීරණය කරන ලදී.
ගුරු වෘත්තිය සේවයක් පමණක් නොව ජීවිතයක් වේ.
ගුරුවරයෙකුගේ වෘත්තිය සාමාන්‍ය රැකියාවක් වන්නේ නැහැ. එය ජීවිතයක කැපවීමකි. ගුරුවරයකුට නිතරම ගනුදෙනු කිරීමට සිදු වන්නේ දරුවන්ගේ සිතුවිලී සමගය. දරෑවන් තුළ ආලෝකය රෝපණය කිරීම, අනාගතය සාදා දීම, ඔවුන්ගේ සදාකාලික මග පෙන්වන්නා වීම ගුරුවරයකු සතු වගකීම්ය.
ඔවුන් යහපත් සිදුවීම් වලට පමණක් නොව, දරුවන්ගේ දුෂ්කර අවස්ථාවල දීත් පරිනත මනසක් දෙන, හදවතින් ඇලුම් කරන ආදරණීය පුද්ගලයන්ය.
"ගුරුවරු නැතිව ලෝකය අඳුරේය"
ගුරු වරයෙක් නැති තැන යන ලෝකයේ රදාපැවැත්මක් නැත. අනාගතයේ වෛද්‍යවරයෝ, ඉංජිනේරුවන්, ගිණුම්කරුන්, කලාකරුවන්, නායකයන් බිහි වීමට පදනම වන්නේ ගුරුවරයෙකි. ඔහු තම ජීවිතයම කැප කර තම ශක්තියෙන් නව යුගයක් ගොඩනගයි.
ඔහුගේ වචන කිසිදා අමතක නොවේ. ඔහු දරැවන්ගේ සිත් තුලට කාවද්දන්නේ “ඔබට පුළුවන්”, “ඔබ විශිෂ්ටයි”යන වචන බලගතු වචන කිහිපයයි. දරුවකුගේ ආත්මය ශක්තිය වැඩි කිරීමට වගේම ඔහුට අභියෝග ජය ගැනීමට බලාපොරොත්තු උදා කරයි.
World Teacher’s Day එකේදි අපගේ හදවතෙන්ම උනන්දුවෙන් සිතිය යුතුය – “ඔබ මට කළේ කෙසේද?"යන්න නොව, “ඔබ මා වෙනුවෙන් කැප කළේ කෙසේද?” යන්න.
අපි හැමෝම – සිසුන්වූවෝ, මව්පියන්වූවෝ, සමාජයක් වශයෙන් – ගුරු වරුන්ට ගරු කිරීමේ පණිවිඩය මේ දිනයේ දිගහැරිය යුතුය.
ගුරුවරයෙකුගේ සිනහාව, ආලෝකමත් වචන, සහ ආදරණීය මනස සදාකාලිකව අපේ ජීවිතය වෙනස් කරන බලයක් වේ. එබැවින්, ලෝක ගුරු දිනය පමණක් නොව, සෑම දිනෙකම ඔවුන්ට ගරු කරන්න, ආදරය කරන්න.
"ගුරුවරයා යනු සිත් තුළ ආලෝකය රදවන්නාය."

Comments
Post a Comment