World Smile Day
World Smile Day
හිනාවක් යනු,
හදවතක හැඟුමක් මනසක් සන්සුන් කරන ආශ්වාසයකි. දුකක් අතර ඉසින රිදී රේඛාවකි මිතුරන් අතරේ ඇසෙන සුන්දර සංගීතයකි. අනියම්ව කෙනෙකුට හඟවන ආදරේ සිනාවකි.
world smile day ආරම්භ කරන්නේ ඇමරිකාවේ සිටින චිත්‍ර ශිල්පියකු වන Harvey Ball විසිනි. ඔහු 1963 දී ජනතාවට බොහෝ ආදරණීය වන "smiley Face" චිත්‍රය නිර්මාණය කළේය. එය මහජනතාව අතර සුහදතාවයේ, සතුටේ හා මිත්‍රත්වයේ සංකේතය බවට පත්විය. කාලයක් සමඟ මෙම රූපය වාණිජ වශයෙන් විශාල ලෙස භාවිතා වීමත් සමඟ එහි මුල් අරුත අඳුරු විය. එයට පිළියමක් ලෙස Harvey Ball විසින් 1999 දී world smile day ( ලෝක සිනහවේ දිනය) නිර්මාණය කළාය. ඔහුගේ අදහසට අනුව වසරකට එක් දිනක් වෙන් කරමින් "සිනහවක් බෙදා දෙන්න කරුණාවක් සිදු කරන්න" යන සරල නියෝග මත ඔක්තෝබර් 03 World Smile Day(ලෝක සිනහවේ දිනය) ලෙස නම් විය.World Smile Day යනු, සිනහවක වටිනාකම මතක් කරන කරුණාව ව්‍යාප්ත කරන හා සමාජය තුළ සුහදතාවය ගොඩනඟන අති විශේෂ දිනයකි.
මෙම දිනයේ මූලික අදහස වන්නේ " Do an act of kindness. Help one person smile " යන්නයි. කියවන්නට ඉතාම සරල වුවද මේ අතිශය ශක්තිමත් අදහසකි. විශේෂයෙන් අද වැනි සමාජයක තරගයෙන් හා ආතතියෙන් පිරුණ දිනයකදී කෙනෙකුට සිනහවකින් සංග්‍රහ කළ හැකි නම් එය සමාජයේම සතුටු කිරීමට හේතුවක් ලෙස ක්‍රියාකරයි. ලෝකය තුළ මිනිසුන් හට ඇතිවන ප්‍රශ්න, ගැටලු සහ ආදරය හිඟවීම් අතුරින් සිනහවකින් අපට සාමය, සතුට හා එකමුතුභාවය ව්‍යාප්ත කළ හැකිය.
🛑 අනෙකුන් අය වෙත සිනහවක් බෙදා දීම.
🛑 දුකින් පීඩා විදින පුද්ගලයින් හට උදව් ලබා දීම.
🛑 ලිපියක් හෝ පණිවිඩයක් යවා අනෙක් අයව සතුටට පත් කල හැකිය.
🛑 සමාජ මාධ්‍ය හරහා සතුට සහ කාරුණික ක්‍රියාවන් ව්‍යාප්ත කිරීම.
🛑 ස්වේච්ඡා සේවාවකට එකතු වී කුඩා සේවාවන් සිදු කිරීම.
වැනි සේවාවන් ලෝක සිනහවේ දිනය ( World Smile Day) වෙනුවෙන් සිදු කල හැකිය.
හිනාවක් ලෝකය වෙනස් කරයි.
කෙනෙකුගේ දිනය බබළවන්නට සිනහවක් සමත් වෙයි.
කෙනෙකුගේ සිනහවක්.... තවත් කෙනෙකුට අරූම පුදුම වටිනාකමක් ගෙන දෙන්නට පුළුවනි. කෙනෙකුගේ සිනාවක්.... තවත් කෙනෙකුට ආරක්ෂාවක් විය හැකිය.
එසේම කෙනෙකුගේ සිනහවක්.... තවත් කෙනෙකුගේ හදවත අලුත් කිරීමට සමත් විය හැකිය.
සිනහවක් කුඩා දෙයක් විය හැකිය නමුත් එය සමාජයට ඉතා විශාල බලපෑමක් කළ හැකියි. ජාති ආගම් කුල මල භේදයකින් තොර වූ සිනහව, කිසිදු වියදමකින් තොරව සංග්‍රහ කළ හැකි අමිල වූ සත්කාරයකි. කෙනෙකුගේ ආතතිය, මහන්සිය ,සිත් තැවුලක් දුරු කිරීම එක් සිනහවකින් කළ හැකිය. මානුෂීය සිනහවක් යනු කෙනෙකුට ආශිර්වාදයකි.
අවසාන වශයෙන් ලෝක සිනහව දිනය ( World Smile Day ) අපට මතක් කරන එකම දේ නම්, "සතුට බෙදා ගන්න කරුණා විඳගන්න" යන්නයි. නමුත් ඕනෑම කෙනෙකු සමග හදවතින් සිනාසීමට එක් දිනයක් පමණක් අවශ්‍ය නැත. ඕනෑම තත්පරයකදී පවා තවත් අයෙකු සමඟ හදවතින් සිනහසීමට හැකිනම් එය මහත් ආශිර්වාදයකි.
කෙනෙකුගේ අවංක සිනහව, තවත් කෙනෙකුගේ හදවතට සතුටක් ගෙන දීමට සමත් වේ නම්, එම සිනහව ඖෂධයක් තරම් වටින්නෙය.

Comments
Post a Comment