World Mental Health Day

World Mental Health Day


මානසික සෞඛ්‍ය යනු අපගේ ජීවිතයේ පවතින වැදගත් අංගයකි.එය ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයකි.ඒ අනුව මානසික සෞඛ්‍ය යනු,පුද්ගලයෙකුගේ සිතුවිලි,හැගීම් සහ හැසිරීම් සෞඛ්‍යවත් ආකාරයෙන් පවත්වාගෙන යාමයි.එය ශාරීරික සෞඛ්‍යට සමාන වැදගත්කමක් දරන එකකි.නීරෝගී පුද්ගලයෙකු බිහිවීමට නම් නිවැරදි මානසික සෞඛ්‍යක් තිබිය යුතු වේ.එය පුද්ගල පෞරුෂය ගොඩනැගීමට වැදගත් වේ.

මානසික සෞඛ්‍ය පුද්ගල ජීවිතය සදහා ඉතා වැදගත් වේ.එහිදී සංතෝෂය,තෘප්තිය,නිවැරදි තීරණ ගැනීමට,තම කටයුතු වල ක්‍රියාශීලීව නිරත වීමට,අන්තර් සබදතා පැවැත්වීමේදී එය යහපත් හා ගුනාත්මක මට්ටමක පවත්වාගෙන යාමට මානසික සෞඛ්‍ය වැදගත්වේ.එසේම නිවැරදි සෞඛ්‍යමත් මානසික මට්ටමකින් යුතු පුද්ගලයෙකුට සමාජයේ ක්‍රියාකාරීව හැසිරෙමින් රටේ දියුණුවට දායකවිය හැකිය.

මේ අනුව පුද්ගලයාගේ මානසික සෞඛ්‍යයේ වැදගත්කම තවදුරටත් හුවා දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්තෝම්බර් මස 10 වන දින "ලෝක මානසික සෞඛ්‍ය දිනය" ලෙස නම්කොට ඇත.මෙහි අරමුණ බවට පත්වී ඇත්තේ මානසික සෞඛ්‍ය පිළිබඳ අවබෝධය වැඩි කිරීම හා සහනශිලී සමාජයක් ගොඩනංවමින් ජනතාව තුළ දැනුවත්භාවය ඇති කිරීමයි.

මානසික සෞඛ්‍ය පිර්හීමට පීඩනය,තරගකාරී ජීවන රටාවන්,සමාජ මාද්‍ය හා එහි අනවශ්‍ය ලෙස හැසිරීම,රෝගී තත්ව මෙන්ම ආර්ථික හා පවුල් ගැටලු ආදිය බලපාලිය හැක.එනම් ඕනෑම පුද්ගලයෙකුට එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු සිදුකිරීමේදී පවතින වර්තමාන තත්වයන් සමඟ තරගකාරී ජීවන රටාවන් ගොඩනැගී ඇත.එය මානසික සෞඛ්‍ය දුර්වල තත්වයකට පත්කිරීමට හේතුවේ.එසේම සමාජ මාධ්‍ය ඔස්සේ අනවශ්‍ය ලෙස තොරතුරු ග්‍රහනය කරගනිමින් ඒවා මනසට කාවද්දා ගැනීම තුළ අනවශ්‍ය පීඩනයක් මනස තුළ ගොඩනැගේ.එසේම සමාජ මාධ්‍ය භාවිතය තුළ පුළුල් වපසරියක පුද්ගලයන්ගේ ජීවන තොරතුරු දැනගැනීමට හැකිවන අතර බොහෝ පිරිස් ඒ ඒ පුද්ගලයන්ගේ ජීවිත අනුකරණය කිරීමට යාමෙන්ද පීඩාවට පත්වේ.එසේම රෝගී තත්වයන් හා ආර්ථික තත්වයන්ද පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීමට බලපානු ඇත.

මෑතකාලීන සමාජයේ දක්නට ලැබුනු කොරෝනා වෛරසය මෙන්ම වර්තමාන යුධමය තත්වයද පුද්ගල මානසික සෞඛ්‍යට විශාල බලපෑමක් කල තත්වයන් දෙකක් ලෙස පෙන්වාදිය හැකිය.කොරෝනා සමග සිදුවූ ආර්ථික ,සමාජීය ,මානසික අර්බුද මෙන්ම පුද්ගලයා නිවසටම සීමා වීම තුල ඇතිවූ තනිකම,කාංසාව මෙන්ම මානසික ආතතියන්ද බහුලව දැකගත හැකිවුණි.එසේම ඊශ්‍රාල පලස්තීන් යුද්ධය තුළද රුසියන් යුක්ක්‍රේන් යුද්ධය තුළද ඇතිවන මානසික ගැටලූන් මෙන්ම ආබාධයන් ද දැකගත හැකිය.එහිදී පීඩාවන්,ආතතීන්,මානසික රෝග හා ආබාධ වැනි තත්වයන් වැඩි වශයෙන් දැකගත හැකිවිය.ආර්තික ගැටලු,රෝගී තත්ව,ජීවන තත්වයේ ඇති වූ වෙනස්කම් හමුවේ මානසික සෞඛ්‍ය පිරිහීමට ඇති සම්භාවිතාව වැඩිවේ.වර්ථමානය තුළ වැඩිහිටි ප්‍රජාවට පමණක් නොව පාසල් යන කුඩා දරුවා තුලද මානසික ආතතීන් හා ආබාධයන් දැකගත හැකිවේ.

නමුත් මානසික සෞඛ්‍ය යනු පුද්ගලයා නිවැරදිව නිසිලෙස පවත්වාගෙන යායුතු තත්වයකි.එය තම ජීවිතයට මෙන්ම සමජයේ ජීවත් වීමේදී එය ඉතා වැදගත්වේ.එහෙයින් මෙම මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා විවිධ සමිති,සමාගම් හා සංවිධාන තුළින් ඔක්තෝම්බර් 10 වන දින කටයුතු කරනවා ඇති.එමගින් විශාල පිරිසක් දැනුවත්භාවයට මෙන්ම අවබෝධයට ද පත්වනු ඇත.මෙහිදී, 

මනෝවෛද්‍යවරුන් සමග කතා කිරීම.
අවශ්‍ය මාර්ගෝපදේශ ලබාගැනීම.
අර්තාන්විතව ,ඵලදායීව, නිදහසේ කාලය ගත කිරීමෙන් ,මානසික සෞඛ්‍ය පිලිබද දැනුවත්බාවය ආදී කරුනු හේතු කොටගෙන පීඩාකාරී තත්වයන්ගෙන් මිදී යහපත් සෞඛ්‍යක් පවත්වාගැනීමට හැකිවනු ඇත.

ඒ අනුව ලෝක මානසික සෞඛ්‍ය දිනයක් ලෙස වෙනමම දක්වමින් මෙහි ඇති වැදගත්කම තවදුරටත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් තීව්‍ර කරනු ඇත.මානසික සෞඛ්‍ය නිවැරදිව පවත්වාගෙන යාමද පුද්ගලයා සතු වගකීමක් වන අතර එය නිවැරදි නොවූ කල විවිධ ගැටලූන්ට මුහුණදීමට සිදුවේ.ඒඅනුව මේම ලෝක මානසික සෞඛ්‍ය දිනය තුළ තමාගේ මානසික සෞඛ්‍ය නිවැරදි හා යහපත්ව පවත්වාගෙන යමින් එය වැඩිදියුණු කරගැනීමට අප වගබලා ගතයුතුවේ.

Comments

Popular posts from this blog

World Lion Day

Thai Pongal Day

World Soil Day