BREAST CANCER DAY

 BREAST CANCER DAY 

ජාත්‍යන්තර ස්තන පිළිකා දිනය




ඔක්තෝබර් 19 වන දින ලෝකය පුරා සැමරුමට ලක් වන්නේ ජාත්‍යන්තර ස්තන පිළිකා දිනය ලෙසයි.මෙම දිනය සැමරෙන්නේ කාන්තා සෞඛ්‍යයට බරපතල ආපදාකාරී තත්ත්වයක් ඇති කරන ස්තන පිළිකාව පිළිබඳව දැනුවත් කිරීම උදෙසාය.ස්තන පිළිකාව යනු ලොව පුරා කාන්තාවන් අතර බහුලව පවතින පිළිකා වර්ගයකි.එය මීට පෙර ජීවිත රැකිය නොහැකි රෝගයක් ලෙස සැලකුණු අතර අද වන විට වෛද්‍ය විද්‍යාවේ ප්‍රගතියෙන් හේතු හදුනාගෙන වේලාවට පරීක්‍ෂණ සිදු කිරීමෙන් සුව කළ හැකි රෝගයකි.ඒ සඳහා සෑම කාන්තාවක්ම තම සිරුර පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.

ස්තන පිළිකාවක රෝග ලක්ෂණ :

1.පියයුරු පුඩුව ඇතුළට පෙරළීම

2.කුහරයක් හෝ ගැටයක් ඇති වීම

3.පියයුරු ප්‍රමාණයේ වෙනස්කම්

4.දෘඪ ගැටිති හෝ තට්ටු

5.රතු,උණුසුම් හෝ ඉදිමුණු පියයුරු

6.පියයුරු පුඩුවේ පොතු ගතිය

7.අනපේක්ෂිත පියයුරු විසර්ජනය

ස්තන පිළිකාවට ගොඳුරු වීම වළක්වා ගත හැකි ක්‍රම :

● කල් තියාම පියයුරු වල වෙනස්කම් නිරීක්ෂණය කරන්න.

        * හැඩය

        *ඉඳිමීම් 

        *වේදනා

●සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය  කරන්න.   

          *සෞඛ්‍ය සම්පන්නව බර පවත්වා ගන්න.

          *මත්ද්‍රව්‍ය,මත්පැන් භාවිතයෙන් වළකින්න.

         *දුම් පානයෙන් වළකින්න.

         *ව්‍යායාම කරන්න.

●වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

මෙම දින ලෝකයේ රටවල් විවිධ වැඩසටහන්,දැනුවත් කිරීමේ ව්‍යාපාර,මූලික පරීක්ෂණ ව්‍යාපාර සහ ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කරයි.රෝස පැහැති පැතිකඩ(Pink ribbon)මෙම දිනයට අයත් ලාංඡනය ලෙස භාවිතා වේ.දැනුවත් කිරීමේ ව්‍යාපාර වල අරමුණ වන්නේ මෙම රෝගය සම්බන්ධයෙන් පවතින ලැජ්ජාභාවය අඩු කිරීම සහ ස්තන සෞඛ්‍ය පිළිබඳ විවෘත සංවාදයකට දිරිමත් කිරීමයි.

ස්තන පිළිකාව පිළිබඳ නිවැරදි දැනුම සහ වේලාවට පරීක්‍ෂණ සිදු කිරීමෙන් ජීවිත රැකිය හැකි අතර මේ පිළිබද දැනුවත් වීම සියලුම කාන්තාවන්ට අතිශයින්ම වැදගත්ය.ඒ සඳහා පවුලේ සහ සමාජයේ පුද්ගලයෙකු ලෙස ඔබේ වගකීමද මහත් ය. මේ පිළිබඳව දැනුවත් වන්න.පරීක්ෂා වන්න.ජීවිතය සුරකින්න.


Article By:- Leo Sithmi Awishka


Comments

Popular posts from this blog

World Lion Day

Thai Pongal Day

World Soil Day