International Volunteer Day

ජාත්‍යන්තර ස්වේච්ඡා දිනය 
International Volunteer Day
 


වසරක් පාසා ස්වේච්ඡා සේවකයන්ගේ අමිල දායකත්වය අගය කිරීමට  ගෝලීය වශයෙන් 1985 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දෙසැම්බර් මස 5වන දිනට නම් කරන ලදී .මෙවරත් ''තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීමේදී ස්වේච්ඡා සේවකයන්ගේ කාර්යභාරය'' යන තේමාව පාදක කොට ගනිමින් ගෝලීය වශයෙන් මෙම ජාත්‍යන්තර ස්වේච්ඡා දිනය අද දින සමරනු ලබයි .මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිර්මාණය කරන ලද්දේ අන් අයට උපකාර කිරීම සඳහා පරාර්ථකාමී ලෙස තම කාලය ධනය කුසලතා සහ ශක්තිය කැප කරන පුද්ගලයින්ගේ උත්සාහය අගය කිරීමටය .තවද රටෙහි සංවර්ධනය දියුණු කිරීමට අවශ්‍යතා ඇති ප්‍රජාවන්ට සහාය වීම සහ සමාජ සහජීවනය දියුණු කිරීම සඳහාද ස්වේච්ඡා සේවය ඉහළ නැංවීම සඳහාද අපේක්ෂා කෙරේ .

ස්වේච්ඡා සේවය ලෝකවාසී සියලුම දෙනාට ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ස්වේච්ඡා සේවකයින් ගෝලීය වශයෙන් ආර්ථික අපහසුතා ඇති පුද්ගලයන්ට තමන්ගේ කාලය ශ්‍රමය පිරිවැය වැය කරමින් ඔවුන් නඟා සිටුවීමට කටයුතු කරයි.එමගින් එමගින් සමාජ සම්පත් ගොඩනැගීම සහ දිළිඳුකම තුරන් කිරීමට ද කිරීමට ද හේතුවේ .තවද ස්වේච්ඡා  සේවයේ යෙදෙන පුද්ගලයින් සමාජයේ අවශ්‍යතා හඳුනාගෙන ඒවාට විධිමත් ක්‍රියාමාර්ග ගන්නා නිසා සමාජයේ බොහෝ දෙනාට ගැටලු නිරාකරණය කරගත හැකිය .ස්වේච්ඡා  සේවයේ ප්‍රධාන අරමුණක් වන සමාජ සමානාත්මතාවය ඇති කිරීම මගින් සමාජයේ සියළුම දෙනාට නිසි තත්ත්වයක් හිමිවේ .මෙම සේවය  සමාජයේ පුරවැසියන්ගේ අවශ්‍යතා සපුරාලීම සහ සමාජයට ඵලදායි කාර්යභාරයක්  සිදු කරයි .

ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ස්වේච්ඡා සේවය සපයන පුද්ගලයින් සහ ආයතන දැකගත හැකිය. ඒ අතුරින් ලියෝ සමාජය වන අපද දහසකුත් දෙස් විදෙස් ජනයාට  සපයන්නේ මහඟු  ස්වේච්ඡා සේවයකි.එවැනි ස්වේච්ඡා සේවා සමාජ වර්තමානයේදී  බොහෝ දැකගත හැකිය .ස්වේච්ඡා  සේවකයින් සමාජයට සිදු කරන මෙම මෙම මහඟු සේවාව ඔය අගය කරමින් ස්වේච්ඡා සේවා දිනය මෙසේ අද දින සමරනු ලැබේ .

ලොව පුරා සිටින ස්වේච්ඡා සේවකයින් වඩා වඩා පලදායි සේවයක් ලෝකයට සිදු කරන නිසා ඔවුන්ගේ වෙහෙස අගය කරනුවස් ලබා දී තිබෙන මෙවැනි දිනයකදී අප ඔවුන්ගේ උත්සාහය වෙනුවෙන් ලෝකවාසී සියලුම දෙනා ඔවුන් වෙත ස්තූතිවන්ත වෙමු .තවද අප සියලුම දෙනා ස්වේච්ඡා සේවයට වඩ වඩාත් යොමු වී සමාජයට වඩාත් ඵලදායි සේවයක් සිදු කිරීමට ද උත්සුක වෙමු.


Article By:- Leo Vihara Sathyanjalee

Comments