International Solitary Day

 ජාත්‍යන්තර මානව සහයෝගීතා දිනය
International Human Solitary Day



'එකමුතුකම ගජමුතුවලටත් වඩා අගනේය'

සෑම වසරක් පාහේම දෙසැම්බර් 20 දිනට සමරනු ලබන ජාත්‍යන්තර මානව සහයෝගීතා දිනය දිළිඳුකම,අසමානතාවය සහ අයුක්තිය වැනි අභියෝගවලට මුහුණ දීම සඳහා එකමුතුකමේ හා සාමූහික ක්‍රියාමාර්ගයේ වැදගත්කම ලොව පුරා සිටින මිනිසුන් අතරින් ප්‍රවර්ධනය කරමින් ගෝලීය වශයෙන් සමරනු ලබයි.

හුදෙකලා වූ තනි වටු කුරුල්ලෙකුට වඩා වටු කුරුළු රංචුවකට තමන් සිරවී සිටි දැලෙන් ගැලවී යාමට හැකි වූයේ එකාවන්ව එකම අරමුණක් වෙනුවෙන් කැපවූ නිසාය.ලෝකය මුහුණ දෙන බොහෝ ගැටළු වලට සහයෝගයෙන් රැස්වූ පිරිසක් විසින් විසඳුම් සොයනා ආකාරය කාලයාගේ ඇවෑමෙන් අප අත්දකිනු ඇත.මෑතකදී දැක ගත හැකි එවැනි දර්ශනයක් වූයේ covid-19 වසංගතය හමුවේ ගෝලීය වශයෙන් ඇති වූ සහජීවනයයි. රට රටවල් අතර පවා ඖෂධ වර්ග හුවමාරු කර ගනිමින් වසංගතය මැඩලීමට ඉතා විශාල ප්‍රයත්නයක් දරනු අප  අපගේ ඇස් ඉදිරිමට දුටුවේය.අවසානයේ ලොවක් අඳුරු කිරීමට පැමිණි මාරයෙකුගේ පලා යාම මිනිස් සමූහයේ එකමුතුකමින් සිදු වූ ආකාරය අපි අත්දුටුවෙමු.

ඇතෙකු තුළ එනයිනුත් විශේෂම ඇතෙකුට පමණක් හිමි ගජමුතු තරම් ඉතා දුර්ලභ දෙයකට එකමුතුකම නැතහොත් සහයෝගීතාවය සමාන කර ඇත. මිනිස් වර්ගයාගේ චර්යා රටා,ආකල්ප සමඟ පුද්ගලයින්ට එකම අරමුණකට වැඩ කිරීමට, අනෙකාව දරා ගැනීමට අපහසුය.නමුත් අනෙකා පරයා නොනැගී ඉතා පරාර්ථකාමී තනි අරමුණක් වෙනුවෙන් නැගී සිටීමට පුද්ගලයින් තුළ විනය,ආකල්ප ඇති විය යුතුයි. මා දකිනා හික්මුණු සහ සහයෝගයෙන් රැඳී සිටි පිරිස් අතර විශේෂ බලකාය ඇතුළු සමස්ථ ආරක්‍ෂාව සඳහා යෙදී සිටින රණවිරුවන් ඉතා ඉහළ මට්ටම සිටීම මහත් ආඩම්බරයෙන් මතක් කළ යුතු වූවකි.රට වෙනුවෙන් අනෙකාගේ ජීවිත වෙනුවෙන්  දිවි පිදීමට තරම් ඔවුන් පරාර්ථකාමීය. කිසිවෙකුත් තම අරමුණු කිසිදු හේතුවකටත් අත් නොහරින්නේය. එකාවන්ව සහයෝගයෙන් ලොව  එක්සේසත් කරන්නේ ඒ අභීත දූපුතුන්ය.ඔවුන් තුළ එකාවන් වූ එකමුතුකමක්,සහයෝගයක් නොනැඟුණේ නම් අද අපට රටක් දැක ගැනීමට නොහැකිය.

යහපත් හෝ අයහපත් ඕනෑම ක්‍රියාවක් මිනිසුන්ගේ එකමුතුකමින් ජයගත හැකිය. නමුත් අයහපත් ක්‍රියාවන් සඳහා පවතින්නේ ඉතාමත් කෙටි කාලයකි. ස්වභාවධර්මය විසින් අයහපත ඉතා ඉක්මනින් විනාශ කරනු ලබයි. නමුත් යහපත් දේ සඳහා ස්වභාවධර්මය ආශිර්වාද කරයි.අප මතක තබා ගත යුත්තේ යහපත්,රටට වැඩදායී, අනාගත පරපුරටත් වටිනාකම් එකතු කළ හැකි ක්‍රියාවන් සඳහා මිනිසුන්ගේ සහයෝගය එක් රැස් කිරීමයි.තවෙකෙකුට නැගී සිටීමට අත දීමයි.රටක් මෙන්ම ලොවක් වුවද යහපතින් පිරි මිනිසාට නිදහසේ රැඳී සිටිය හැකි තෝතැන්නක් වන්නේ තනි තනි පුද්ගලයාගේ ආකල්පයෙන් ගොඩනැගෙන සමස්ත මිනිස් සමාජයේ සහයෝගීතාවයෙනි.එබැවින්,අප එකතු කළ යුතු ධනය වන්නේ 'සහයෝගීතාවයයි.'


Article By:- Leo Nelum Hansika

Comments

Popular posts from this blog

World Lion Day

Thai Pongal Day

World Soil Day