World Kindness Day
World Kindness Day
සෑම වසරක ම නොවැම්බර් මස 13 වැනි දින, සරල වුත් බලවත් ම ක්‍රියාවක් වන කරුණාව පැතිරවීමට වෙන් වූ, ලෝක කාරුණිකත්ව දිනය සමරනු ලබයි. 1998 වසරේ ස්ථාපිත මෙමඟින් කුඩා හැසිරීම්වලින් වුව ද විශාල බලපෑමක් වන බව සිහිපත් කරනු ලබයි. එය අසල්වැසියෙක්ට උපකාර කිරීමෙන් ද, යහලුවෙක් අගය කිරීමෙන් ද, නන්නාදුනන පුද්ගලෙයෙකුට සිනහවකින් සංග්‍රහ කිරීමෙන් වැනි කාරුණික ක්‍රියාවන්ගෙන් මුලු මහත් සමාජය ම නංවාලිය හැකි විශාල බලපෑමක් ඇති කරයි.
අධ්‍යයනයන්ගෙන් හෙලි වී ඇත්තේ කරුණාවන්ත වීමෙන් කරුණාව දක්වන තැනැත්තාට මෙන් ම කරුණාව ලබා ගන්නා තැනැත්තාට ද ඔවුන්ගේ යහපැවැත්ම ඉහළ නංවන ආකාරයේ වාසි ලබා ගැනීමට හැකි බවයි. ඔබ කරුණාවන්ත ක්‍රියාවක් සිදු කරන විට, ඔබගේ මොලය විසින් පීඩනය අඩු කර ප්‍රීතිය වැඩි කිරීමට උපකාරී වන, සෙරොටොනින් සහ ඔක්සිටොසින් වැනි සතුට දනවන හෝමෝන නිකුත් කරනු ලබයි. මෙවැනි ධනාත්මක බලපෑම් සංස්පර්ශක විය හැකි අතර එයින් අන් අය ද කරුණාව බෙදීමේ දාමයේ කොටස්කරුවන් වීමට පටන් ගනී. නිරන්තරයෙන් බෙදී වෙන් වී සිටින ලෝකයක, කරුණාවන්ත බවට හිඩැස් යා කරමින් මිනිසුන් ව එක්හාසු කිරීමේ අද්විතීය හැකියාවක් පවති.
ලෝක කාරුණිකත්ව දිනය යනු එක දිගට පැවැත්වෙන උත්සවයක් පමණක් නොව, වසර පුරාම කාරුණිකත්වයේ හිතවත්කම අප වත්මන් ජීවිතයට එකතු කිරීමට අභියෝග කරන ගෝලීය ව්‍යාපාරයකි. ලෝකය පුරා රටවල් විවිධ ක්‍රියාකාරකම්, කාරුණාව හා බැඳුණු අභියෝග සහ ප්‍රජා කටයුතු පැවැත්වීම හරහා කරුණාවේ බලය ප්‍රදර්ශනය කරයි. පාසල්වල ද මෙම දිනය සමරමින් ළමුන්ට කාරුණික වීමේ වැදගත්කම ඉගැන්වීම හරහා, සමාජ සබඳතා සහ ගෞරවය කෙරෙහි වටිනාකමක් තබන නව පරපුරක් ගොඩනැගීමට දායක වෙයි. මෙම ගෝලීය ක්‍රියාකාරකම් සමඟ එකතු වීමෙන්, අපි කුඩා කාරුණික ක්‍රියා මගින් සැලකිය යුතු, දිගුකාලීන වෙනසකට දායක වෙමු.
මෙම ලෝක කරුණික දිනයෙහි තම එදිනෙදා ජීවිතයට ධනාත්මකත්වය පැතිරවීමට වග බලා ගනිමු. එය ඔබගේ ජීවිතය වෙනස් කර ගැනීමට උපකාර කල අයෙකුට කෘතඥ වීමක්, ප්‍රදේශයේ පුණ්‍යායතනයකට සහය දැක්වීමක් හෝ වටපිටාවේ ඇති කුණු කසල ඇහිදීමක් වැනි සරල ක්‍රියාවක් විය හැක. කුමන හෝ ආකාරයකින් කුඩා හෝ යහපත් ක්‍රියාවන් සිදු කරමින් කාරුණික සහ සානුකම්පිත ලොවක් නිර්මාණය කිරීමට අප සැවොම එක් විය යුතුය. කරුණාවන්ත වීම එක් දිනක සැමරීමක් ලෙස නොව අපගේ දිවියේ සැමදා පවතින පුරුද්දක් කර ගනිමු.
Article By:- Leo Sachini Samadara

Comments
Post a Comment