World Teacher's Day

    World Teacher's Day 🧑‍🏫
      ලෝක ගුරු දිනය 


ගුරු දිනය යනු ගුරුවරුන් අගය කිරීම සඳහා විශේෂ දිනයකි.  ඔක්තෝම්බර් 5 ලෝක ගුරු දිනය ලෙස නම් කෙරෙන්නේ යුනෙස්කෝ ආයතනය හා ලෝක කම්කරු සංවිධානය එක්ව ලෝක ගුරු ප‍්‍ර‍්‍රඥප්තිය අත්සන් කිරීමට යෙදුනු 1966 ඔක්තෝම්බර් 05දින සිහිපත් කරමිනි. ඒ අනුව ප්‍රථම වරට ලෝක ගුරු දිනයක් සමරනු ලබන්නේ 1994 දී ය. ඒ අනුව ප්‍රථම වරට ලෝක ගුරු දිනයක් සමරනු ලබන්නේ 1994 දී ය.ලංකාවේ ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 6 වැනි දා ය. ගුරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස ශී‍්‍ර ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සම්මත කර ගනු ලැබූයේ 1994 ඔක්තෝම්බර් 6 වැනිදා වීම ඊට හේතුවයි.

ලොව ශ්‍රේෂ්ඨතම වෘත්තීන් අතර ගුරු වෘත්තිය මුල් තැන ගන්නේ ලෝකයේ හා මනුෂ්‍ය වර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වු මග නොමග පසක් කරන මාර්ගෝපදේශකයා ගුරුවරයා වන හෙයිනි. 

ළදරුවන්ට වැටි වැටි නැගිටින්නට දෙමාපියන් උදවු වන්නේ යම් සේද, සමාජයේ නොවැටී සිටින්නට අවැසි ආකල්පමය පදනම සපයමින් දරුවෙකුට ලෝකය දකින්නට, ලෝකයේ හිස ඔසවා ජීවත් වන්නට හුරු කරවන්නේ ගුරු මව් පියවරු වෙති. දරුවන්ගේ විවිධතා හඳුනාගනිමින් ඔවුන් සතු සැඟවී ඇති ශක්‍යතා ඉස්මතු කරන ගුරුවරයා ඒ ඔස්සේ ආලෝකය කරා පියමනින්නට අවශ්‍ය ජීවය හා ශක්තිය දරුවන් වෙත ආරෝපනය කරයි. එනම් දරුවන්ගේ අනාගතය සැලසුම් කරන්නේ ගුරුවරයා බව පැහැදිලි ය. එබැවින් ඉගැන්වීමෙන් ඔබ්බට යන සුවිශේෂී හා වටිනා සේවයක් අනාගතය සඳහා සළසා දෙන්නේ ද ඔවුන්මය.

‘’ සෑම ප්‍රශස්ත ගුරුවරයකුගේම අරමුණ වන්නේ තමා තරුවක් නම් තම සිසුවා සුර්යයා මෙන් බබළනු දැකීමයි.’’

 එබඳු උදාර වූ, උතුම් වූ චින්තනයකින් පිරිපුන්ව සිය සේවාව සිදු කරන එකම වෘත්තිකයාද ගුරුවරයා පමණකි.

ගරු කිරීමට සුදුසු තැනැන්තා, ගුරුවරයා වෙයි. සිය ගෞරවාන්විත සේවාව නිසා සමාජයේ වන්දනීයත්වයට භාජනය වන එකම තැනැත්තා ද ගුරුවරයා වෙයි. ගුරුවරයා වෘත්තිකයෙකි. නමුත් සෙසු වෘත්තිකයන් නොලබන සමාජ ගෞරවය, වන්දනීය බව ලබන්නේ, ගුරුවරයා පමණකි.

සෑම ප්‍රශස්ත ගුරුවරයකුගේම අරමුණ වන්නේ තමා තරුවක් නම් තම සිසුවා සුර්යයා මෙන් බබළනු දැකීමයි. එබඳු උදාර වූ, උතුම් වූ චින්තනයකින් පිරිපුන්ව සිය සේවාව සිදු කරන එකම වෘත්තිකයාද ගුරුවරයා පමණකි.


Article By:- 

Leo Bhagesri Praweena 

Comments

Popular posts from this blog

World Lion Day

Thai Pongal Day

World Soil Day