World Sight Day
World Sight Day
අවැසි කලට නොලද නෙත් මවන්නේම නෙතේ වටිනාකමයි'. පින්තාරුකරුවකුගේ සිත්තමකට,ගෙත්තම්කරුවකුගේ ගෙත්තමකට, නිමැවුම්කරුවකුගේ නිමැවුමකට පණ පොවන්නට නම් පැහැදිලි මනසක් මෙන්ම පැහැදිලි දෘෂ්ටියක් අවශ්‍යයයි.ලෝකය තුළ සැරිසරන්නට, නව මානයන් දකින්නට අවැසිම දෙනෙත් ලොවක් වෙනස් කිරීමට පෙරමුණ ගනී.
පෙනීමේ දුර්වලතා හා අන්ධභාවය කෙරෙහි ගෝලීය අවධානය යොමු කිරීමේ අරමුණින් ඔක්තෝබර් 10 වන දිනට යෙදෙන ලෝක දෘෂ්ටි දිනය දෘශ්‍යාබාධ, අක්ෂි සෞඛ්‍ය හා පෙනීම ආශ්‍රිත ගැටළු වැළැක්වීම හා ප්‍රතිකාර කිරීමේ අවශ්‍යතාවය විදහා දක්වයි.සෑම වසරක් පාහේම අළුත් වන ලෝක දෘෂ්ටි දිනයෙහි තේමාව මෑතකදී පිළිබිඹු කරන්නේ, *"ඔබේ ඇස් වලට ආදරය කරන්න"* පෙරදැරි කරගෙනයි.ආත්මීයව ලැබුණු ඇස් බොහෝ දෙනෙක්ට වටිනාකම් විරහිතයි.පවතින තාක් පෙනීමේ වටිනාකම නොදත් මිනිසුන්ට පෙනීමේ වටිනාකම වැටහෙන්නේ එය නැති වූ දිනකයි. නමුත්, අප ලෝකය දෙස බැලිය යුත්තේ ඇස් තුළින් දකින පෙනීමට වඩා යථාර්ථයෙන් දකින සත්‍යය තුළින්ය. වර්තමානයේ එය ලුහුසුළු කරුණක් නොවන්නේ දෙනෙත් අහිමි මිනිස් සමූහයා දෙනෙත් හිමි වූවන්ට වඩා තම ජීවිතයට අත්දැකීම්,වටිනාකම් එකතු කරගනිමින් ජීවිතය තුළ තම ඉලක්ක සපුරා ගෙන සැනසුම් ජීවිත වලට උරුමකම් කියනා බැවිනි.
කෙසේ නමුත් නවලෝකය හා ගැටෙන විට අළුත් නිර්මාණ සමඟ බොහෝ පිරිස් අත්වැල් බැඳගැනීමට දැඩි රුචිකත්වයක් දක්වයි. ඒ සඳහා නවීන පන්නයෙන් දැකීමට ඇස් ඉතා විශාල සහයක් මිනිසෙකුට ලබාදේ. ඒ නිසාම ඇස් තමා වෙනුවෙන් තම ලෝකය වෙනුවෙන් පරිස්සම් කර ගැනීම ස්වයං වගකීමයි.
විවිධ අක්ෂි සංවිධාන සහ අන්ධභාවය වැළැක්වීම සඳහා වූ ජාත්‍යන්තර ඒජන්සිය(IAPB) සම්බන්ධීකාරීත්වයෙන් දෘශ්‍යාබාධිත, අක්ෂි සෞඛ්‍ය ආශ්‍රිත රෝග සහිත පුද්ගලයන් එම රෝග වලින් වළක්වා ගැනීමට හා ප්‍රතිකාර කිරීමට දැඩි ප්‍රයත්නයක් දරයි.Cataracts,Glaucoma සහ Refractive errors වැනි රෝග සඳහා නිත්‍ය අක්ෂි පරීක්ෂණ ඉතා වැදගත් බව කිව යුතුයි.මේ සමඟම අඩු පහසුකම් ඇති අයට එම සේවා ලබාදීම සඳහා නොමිලේ හෝ වට්ටම් සහිත ගෙවීම් ක්‍රම යටතේ අක්ෂි පරීක්ෂණ පැවැත්වීම,ඇස් රැකවරණය සහ පෙනීම දුර්වල වීමට හේතු හා ඒ සඳහා පවතින ප්‍රතිකාර සම්බන්ධ අධ්‍යාපනයන් ලබාදීම මෙන්ම උපදේශන සේවා සැපයීම තුළින් මෙවැනි රෝග වළක්වා ගැනීමට පිළියම් යෙදීම වඩාත් සුදුසු වේ.
ලොව පුරා බිලියන 2.2කට ආසන්න පිරිසකට පෙනීමේ දුර්වලතා ඇති අතර එයින් බොහෝ පිරිසක් රෝග වළක්වාගත හැකි හෝ ප්‍රතිකාර තුළින් රෝග සුව කළ හැකි අයවේ. පෙනීම අත්දුටුවන් විදිහට අප කළ යුත්තේ ජීවත්ව සිටියදී එකිනෙකාට උදව් කිරීම විනා ඔවුන් හෙලා දැකීම නොවේ.ජීවත්ව සිටියදී මෙන්ම මරණින් මතුත් අනිකා වෙනුවෙන් ඇස් පරිත්‍යාග කළ හැකිනම්, එය මිනිසෙකු විසින් ලබන පරම පාරමිතාවකි.ලොවට පරමාදර්ශයක් වන්න, උතුම් මිනිසෙකු සේ ලද ජීවිතයෙන් සැනසීම සාක්ෂාත් කරගන්න, ඔබ වෙනුවෙන් මෙන්ම අනෙකා වෙනුවෙන්ද ඇස් පරිස්සම් කරගන්න.
Article By:- Leo Nelum Hansika

Comments
Post a Comment