World Habitat Day
ලෝක ජනාවාස දිනය
සෑම වසරකම ඔක්තෝම්බර් මස ප්‍රථම සදුදා දින ලෝක ජනාවාස දිනය ලෙස සමරනු ලබයි. මෙවර ලෝක ජනාවාස දිනය ඔක්තෝබර් මස 7 වන දින මෙක්සිකෝවේ ක්වෙරෙටාරෝ (Queretaro – Mexico) නගරයේදී පවත්වනු ලබයි. මෙවර ලෝක ජනාවාස දිනයේ තේමාව වී ඇත්තේ “වඩා හොඳ නාගරික අනාගතයක් නිර්මාණය කිරීම සඳහා තරුණයන් සම්බන්ධ කර ගැනීම” (Engaging youth to Create a better urban future) යන්නයි. වර්තමානය වන විට ලෝකයේ බොහෝ රටවල ශීඝ්‍ර නාගරීකරණයක් සිදු වෙමින් පවතින අතර, විශේෂයෙන් ආසියාවේ සහ අප්‍රිකාවේ බොහෝ නාගරික පදිංචිකරුවන් තරුණ තරුණියන් බව හෙළි වී තිබේ.
සෑම ළමයකුටම, කාන්තාවකටම සහ මිනිසකුටම ඕනෑම තැනක යෝග්‍ය නිවාසයකට අයිතිය ඇත්තේ ය. 1948 මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 25.1 දරන වගන්තියෙන් එය මෙසේ ප්‍රකාශයට පත්ව තිබේ. “සේවා වියුක්ති තත්ත්වයකදී, නොහැකියාවකදී, අසනීප තත්ත්වයකදී, වැන්දඹු තත්ත්වයකදී, වයස්ගත වූ විට හා තමන්ට පාලනය කරගත නොහැකි එබඳු කිසියම් අවස්ථාවකදී ආරක්ෂාව ලැබීමේ අයිතිය ද ඇතිව ආහාර, වස්ත්‍ර, නිවාස හා සෞඛ්‍ය සේවා සහ අවශ්‍ය සමාජ සේවාවන් සමඟ යමෙකුට තමන්ගේ පවුල සමඟින් යහ පැවැත්මකින් යුතු සෞඛ්‍යයෙන් යුතුව යෝග්‍ය වූ යහපත් ජීවන තත්ත්වයක් පවත්වාගෙන යෑමේ අයිතිය සෑම කෙනකුටම ඇත්තේ ය” යනුවෙනි.
මානව ජනාවාස තුල වැදගත් සංකල්ප දෙකක් ඇත
1.නිවාස අයිතිය පිලිගැනීම
2.නිවාස අයිතියට ගරු කිරීම.
මෙමෙ සංකල්ප දෙක ජාත්‍යන්තර වශයෙන් ගැඹුරින් සාකච්ඡා කෙරුනද අපේ රටේ එයට නිසි අවදානයක් යොමු නොවේ.එම නිසාම මෙම අයිතිය අතීතයේ සිටම උල්ලංඝනයට ලක් වේ.
විශේෂයෙන් පසුගිය ඉතිහාසය තුළ බොහෝ සංවර්ධන ව්‍යාපාරයන්ට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි මහා පරිමාණ මූල්‍ය ආයතන මුදල් සැපයීම හේතුවෙන් දශලක්ෂ සංඛ්‍යාත ජනයාව උන්හිටි තැන් වලින් බලහත්කාරයෙන් ඉවත් කිරීම් සිදුව තිබේ. මේ නිසාම ඉවත් කරන ජනයාගේ අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බව නිරීක්ෂණය කළ හැකි ය. මිනිසුන්ගේ ස්ව කැමැත්තෙන් තොරව උන්හිටි තැන් අහිමි කරන සංවර්ධන ව්‍යාපෘතීන් අනිවාර්්‍යයෙන්ම ආර්ථික සාමාජීය හා පරිසර ප්‍රශ්න ඇති කිරීමට හේතු වේ.ඒ තුළින් ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රම හා රැකියා අවස්ථා බිඳ වැටීමක් සිදු වේ.තවද නව පරිසරයට අනුගත වීමේ හැකියාව දුර්වල වීම මත ඔවුන්ගේ ප්‍රජා ව්‍යූහයන් හා සමාජ ජාලයන් බිඳ වැටීමේ අවධානමකට ලක්විය හැකි ය. සිය කැමැත්තෙන් සිදු නොවන මෙවැනි ඉවත් කිරීම තුළින් ආර්ථික හැකියාවන් අඩපන වීම නිසා අන්‍යොන්‍ය ආධාර කර ගැනීම සඳහා තිබූ හැකියාවන් විනාශ විය හැකි ය.
එබැවින් මෙමෙ වසරේ හෝ මිනිසුන්ගේ නිවාස අයිතීන් රැක ගැනීමට රජයක් වශයෙන් කටයුතු කල යුතු අතර වඩාත් හොද ජනාවාස සැලසුම් සදහා තරුණ ජනතාවද සම්බන්ධ කර ගැනීම වඩාත් යෝග්‍ය වේ.
Leo Chamodi Lakshani

Comments
Post a Comment