World Development Information Day

ලෝක සංවර්ධන තොරතුරු දිනය
World Development Information Day 


සෑම වසරකම ඔක්තෝබර් 24 ලෝක සංවර්ධන තොරතුරු දිනය (World Development Information Day - October 24) සමරනු ලබයි. මෙම දිනය 1972 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධනය මහාමණ්ඩලය ලොවට හදුන්වා දෙනු ලැබුවේ සංවර්ධනය පිළිබඳ අර්බුද සහයෝගය යොමු කිරීමේ අරමුණෙනි.

ලෝකයේ පවතින අර්බුදයන්ට සමාජයේ සිටින පුද්ගලයන් කෙසේ මුහුණ දෙන්නේද? ඒ සදහා පුද්ගලයන් අතර පවතින දැනුම කොහොමද ?නොදන්නා පිරිස් දැනුමෙන් සංවර්ධනය කරන්නේ කෙසේද ? ඒ සදහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම මේ දිනයේදී සිදු වේ.

ඒ අනුව සෑම වසරකම ඔක්තෝබර් 24 වන දින ලෝක සංවර්ධන තොරතුරු දිනය සමරනු ලබයි.සංවර්ධන ගැටලු හා ඒවා විසදා ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයට ලෝක මහජනමතය අවධාරණය කිරීමට 1972 දී එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය විසින් ලෝක සංවර්ධන තොරතුරු දිනය ආරම්භ කරන ලදී.දෙවන එක්සත් ජාතීන්ගේ සංවර්ධන දශකය සදහා වූ ජාත්‍යන්තර සංවර්ධනය උපායමාර්ගය පිළිබඳ 1970 වසරේ පැවති සමුළුවේදී ප්‍රකාශයට පත් කරන ලදී.එක්සත් ජාතීන්ගේ දින සැමරීමේ ප්‍රතිපතියට සමගාමීව ඔක්තෝබර් 24වබ දින ලෝක සංවර්ධන  තොරතුරු දිනය සැමරීම සිදු කළ යුතු බව සම්මත කරගෙන ඇත.

ලෝකයේ සංවර්ධන දශකය ඉහළ නංවා ගැනීමට රටවල් නව තාක්ෂණය යොදා ගැනීම හා චින්තන ශක්තිය ඒ සදහා යොදවන්නේ කෙසේද යන්න ගැන වැඩිදුරටත් අවධානය යොමු කරයි.එමගින් සංවර්ධනය සිදු විය යුත්තේ මනුෂ්‍යයා පමණක් නොවේ සෑම මනුෂ්‍යයා හා බැදී පවතින සෑම අංශයක්ම වර්තමානයේ මේ දැන් පවතින තත්ත්වයට වඩා දශමයක් හෝ ඉහළට සංවර්ධනයක් කරා ගෙන යාමට හැකි වන ලෙස ක්‍රියාවලීන් සැකසීමට සහයෝගයෙන් මිනිස් ප්‍රජාව දැනුවත් කිරීම ඔක්තෝබර් 24 දිනය තුළ සෑම රටකම විවිධ වශයෙන් දැනුවත් කිරීම් සිදු වේ.




Comments

Popular posts from this blog

World Lion Day

Thai Pongal Day

World Soil Day