World Environmental Health Day

 ලෝක පාරිසරික සෞඛ්‍යය දිනය🌳🌵🌏
World Environmental Health Day 




තිරසාර සංවර්ධන ඉලක්ක ඔස්සේ ගැටෙමින් ගෝලීයකරණයේ ප්‍රතිඵල භුක්ති විදින මානව ප්‍රජාව වන අපත්, අනිකුත් ජෛව ගෝලීය සංරචකත් , සත්ව ප්‍රජාවත් මිහිමත සුවිශේෂී ක්‍රියාවලින් සමුදායකට දායක වේ. පෘථිවි තලය මත ජීවය සුරකින සත්ව ප්‍රජාව සහ පුළුල් අන්තර් සම්බන්ධතා දාමයක් ඔස්සේ පෘථිවි ක්‍රියාවලින් පවත්වා ගෙන යනු ලබන සංරචකයන්ගේ යහපැවැත්ම ප්‍රධාන කර ගත් පුළුල් ව පැතිරුණු කරුණු ගණනාවක් ඔස්සේ ලෝක පාරිසරික සෞඛ්‍යය දිනය සමරනු ලබයි. ලෝක පාරිසරික සෞඛ්‍යය පිළිබඳව වූ දිනය සෑම වර්ෂයකම සැප්තැම්බර් 25 වන දින ට යෙදී ඇත. ලොව පුරා පවතින පාරිසරික සංවිධාන, සම්මුතින් මෙන් ම රාජ්‍යන් කලාපීය වශයෙන් මෙන් ම ගෝලීය වශයෙන් පාරිසරික සෞඛ්‍යය සුරැකීමට අත්වැල් බැඳගනී. මෙහිදී පාරිසරික සෞඛ්‍යය කෙරෙහි මෙන් ම ජෛව ගෝලයේ අනෙකුත් සංරචක , සත්ත්ව ප්‍රජාව සහ ඔවුන්ගේ විවිධත්වය , පාරිසරික සාධක කෙරෙහි බලපෑම් ඇති කරන සූර්ය කිරණ, උෂ්ණත්වය , ආර්දතාවය, වර්ෂණය ආදී සාධක වල සෘජු සහ වක්‍ර බලපෑම් කෙරෙහි අවධානය යොමු කරයි. එමෙන්ම මානව සෞඛ්‍යය සහ පාරිසරික සෞඛ්‍යය අතර අන්තර් සම්බන්ධතාව විවේචනාත්මක විග්‍රහ කිරීමත්, පාරිසරික ගුණාත්මකභාවය සුරැකීමට ක්‍රියා කිරීමත් මෙහිදී සිදුවේ. 

එලඹ ඇත්තේ වර්ෂ 2024 යි. පූර්ව දඩයම් යුගය, එඩේර යුගය පසු කරමින් ක්‍රමවත් ශිෂ්ටාචාරයකට අඩිතාලම යෙදූ මානව වංශයේ නැඟීමේ ඉහළම හිනිපෙත්ත වෙත අප ළඟා වී සිටිමු. තාක්ෂණය අප ද අභිබවා වේගයෙන් ඉදිරියට ඇදෙමින් පවතී. වඩාත් සංකීර්ණ වූ වටපිටාවක අපිඳු කොටස්කරුවන් වී හමාර ය. අප ගමන් කරන්නේ දිනෙන් දින අලුත් වන අනාගත ඉලක්ක ඔස්සේ ය. ගෝලීය ආර්ථිකය , වර්ධනය, සංවර්ධනය ආදී සාධක ඔස්සේ පරිසරය පවතින ආකාරයෙන් භාවිතා කිරීමට වඩා වෙනස් කරමින් භාවිතා කිරීමට යොමු වී ඇත. මේ හේතුවෙන් ජෛව ගෝලීය දූෂණය , අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට එක්වීම , අනාරක්ෂිත ආහාර සඳහා ප්‍රවේශය , පාරිසරික ජීවීන් වඳවී යාම , ජෛව සමතුලිතතාවයට බලපෑම් ඇති වීම, ඕසෝන් ස්තරය හායනය යනාදී ගැටලු නිර්මාණය වී ඇත. 

මෙම ගැටලු නිරාකරණය කිරීමත්, අවම කිරීමට පිළියම් සකස් කිරීමත් කෙරෙහි අවධානය යොමු කරමින් තිරසාර ආර්ථිකයක් නිර්මාණය කිරිම සහ සංවර්ධනය , අවදානම් කළමනාකරණය ආදිය කෙරෙහි යොමු වීම මේ මගින් අපේක්ෂා කෙරේ.


Article By:- 

Leo Sanduni Bhagya 

Comments

Popular posts from this blog

World Lion Day

Thai Pongal Day

World Soil Day