World Indigenous Day
World Indigenous Day
"ලොව සියලුම ආදිවාසීන්ගේ අයිතිවාසිකම් සුරැකීමත්, වඳ වී යාමේ තර්ජනයට මුහුණපා සිටින ආදිවාසීන් නොනැසී පවත්වාගෙන යාමත්" අරමුණු කොටගනිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1994 වසරේ සිට සෑම වසරක ම මෙම ලෝක ආදිවාසීන්ගේ දිනය සමරයි. ඒ අනුව, සෑම වසරකම අගෝස්තු 09 වන දින ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු ලැබේ.
ආදිවාසී ජනයා යනු යම්කිසි ශිෂ්ටාචාරයකට නිරාවරණය වීමට පෙර වාසය කළ, දැනට පවතින හෝ වඳවී යාමක් පවතින පිරිසකි. මොවුන් එම ප්‍රදේශය බටහිර ජාතීන් විසින් ආක්‍රමණය කිරීමට පෙර සිටම සිටින අතර බටහිර ජාතීන් විසින් සමූල ඝාතනයට ලක්වී හෝ රාජ්‍ය පාලනයට සම්බන්ධ නොවී හුදෙකලාව ජීවත්වන පිරිසකි. එසේම අනෙකුත් ජනවර්ගවලින් වෙනස් වූ භාශාවක් පවතින, වෙනස් වූ සංස්කෘතීයක් පවතින ජන වර්ගයකි.ලොව ආදිවාසී ජනසංඛ්‍යාව මිලියන 300 - 350ක් අතර වේ. මුළු ලෝක ජනසංඛ්‍යාවෙන් 6%ක් වන අතර රාජ්‍යයන් 72 වාර්ගික කොට්ඨාස අවම වශයෙන් 5000කින් සැදුම්ලබා ඇත. ප්‍රාථමික ආර්ථික කටයුතු වලින් යුත් ආදිවාසී ජනයා ලොව පුරා රටවල් ගණනාවක ව්‍යාප්ත වී ඇති අතර ඔවුන්ගේ කැපීපෙනෙන පොදු ලක්ෂණ පවතී.ඒවානම්,
තාක්ෂණික ක්‍රම සහ උපකරණ පැරණි වීම.
සංස්කෘතික මට්ටම පහත් තත්ත්වයක පැවතීම.
ගෝත්‍රික ලෙස ජීවත් වීම.
එක් කටයුත්තකට විශේෂ දක්ශතාවයක් දැක්වීම.
අවට පරිසරයට හිතකාමී ලෙස හැඩගැසීම.
අද වනවිට ලෝක ආදිවාසීන්බොහෝ ප්‍රදේශවලින් අඩුවිමට හා වඳවීමට ලක්වී ඇත. ඔවුන් සාම්ප්‍රදායික භූමියෙන් ඉවත්කිරීම, සංක්‍රමණය, නැවත පදිංචිය හා බලෙන් ජනාවාස ගතකිරීම 18වන සියවසෙන් පසු ඇති වූ යුරෝපීය අධිරාජ්‍යය හරහා සහ දේශසීමා, සංස්කෘතිකමය ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස සිදුවිය.
ප්‍රධාන ආදිවාසී ජන කණ්ඩායම් ලෙස,
පිග්මිවරු - කොංගෝ වනාන්තරයේ ද්‍රව්‍ය එක්රැස් කරන්නෝ
බුෂ්මන්වරු - අප්‍රිකාවේ කලහාරි කාන්තාරයේ දඩයක්කාරයෝ
සැමි ප්‍රජාව - සප්මි දේශයේ ආදිවාසීන්
ජරවා ප්‍රජාව - අන්දමන් දූපත් ආදිවාසීන්
ඇබරන්ජියානුවන් - ද්‍රව්‍ය එක්කාසු කරන්නන්
මසායිවරු - එඩේර ගෝත්‍රිකයෝ
යොරුබාවරු - අප්‍රිකාවේ ගිනි වෙරළබඩ සල ගොවිතැන් කරන්නෝ
කොචින්වරු - ඉන්දියාවේ මලබාර් වෙරළ ආශ්‍රිතව සියුම් ගොවිතැන් කරන්නෝ
බෝරෝ ජාතීන් - ඇමසන් වනාන්තර ආශ්‍රිතව ගොවිතැන් කරන්නෝ
හෝපි හා යුමාවරු - කොලරාඩෝ ඩෙල්ටාවේ ස්වභාවික ජලගැල්මෙන් වගා කරන්නෝ
එස්කිමෝවරු - උතුරු ආක්ටික් ප්‍රදේශයේ සීල් හා කැරිබු දඩයම් කරන්නෝ
මේ අතර අප ශ්‍රී ලංකාවේ වෙසෙන වැදි ජනතාවද ආදීවාසීන් ලෙස හදුනා ගත හැකිය. ආදිවාසීන් ආරක්ෂා කර ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග ලෙස, ඉඩම් අයිතිවාසිකම්වලට ගරු කිරීම, සූරාකෑමෙන් හා ආක්‍රමණයෙන් ඔවුන්ගේ භූමි ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම සඳහා රජයක් වශයෙන් කටයුතු කල යුතුය. සංස්කෘතික සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම, දේශීය භාෂා, සංස්කෘතීන් සහ සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමට අප කටතුතු කල යුතුය. නෛතික ආරක්ෂාව සහතික කිරීම, එනම් ආදිවාසී මානවයාට නීත්‍යානුකූලව ලබා දිය යුතු සියලුම ආරක්ෂාව ලබා දිය යුතු වේ. දේශීය ගැටළු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ දේශීය දැනුම හා භාවිතයන් සඳහා ගරු කිරීම ප්රවර්ධනය කිරීම.
මෙම ප්‍රයත්නයන්ට ප්‍රමුඛත්වය දීමෙන්, ලොව පුරා ආදිවාසීන්ගේ යහපැවැත්ම සහ අයිතිවාසිකම් සහතික කිරීම සඳහා අපට කටයුතු කළ හැකිය.
Leo Chamodi Lakshani
.jpg)
Comments
Post a Comment