World Environment Day
World Environment Day 🌳🌱
"ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායි දෙරණක්"
ලෝක පරිසර දිනයේ 51 ක් වැනි සැමරුම අදට එනම්, ජුනි මස 05 වන දිනට යෙදී තිබේ.ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායි දෙරණක් යන තේමාව මෙවර අවදානය යොමු කර ඇත.
පරිසරය යනු ජීවී සහ අජීවී සියලු දේ ඇතුලත් අප කාටත් වැදගත් දෙයකි. මෙහිදී භුමිය ඵලදායී ලෙස පරිහරණය කිරීම ලෙස අදහස් කරනුයේ ගොඩනැගිලි නිසියාකාරව ඉදි කිරීමත්, වන සම්පත ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීමත්, කැළි කසල නිසි ආකාරව බැහැර කිරීමත් යනාදියයි. එවිට ස්වාභාවික පරිහරනයෙන්ද මිනිසාට කිසිදු විපතක් ඇති නොවන අතර සුවදායි ජීවිතයක්ද ගත කල හැකි වේ.
ශ්‍රී ලංකාවේ භූමිය පිරිහීම සහ හායනයට ප්‍රධානතම හේතූන් ලෙස හදුනාගෙන තිබෙනුයේ වන විනාශය, අවිධිමත් කෘෂිකාර්මික කටයුතු, ධාරිතාවය ඉක්මවා සිදු කරන කැනීම් වර්ග හා අවිධිමත් ලෙස කසල බැහැර කිරීමයි. එබැවින් මෙම ගැටලු වලට ඉක්මන් විසදුම් ලබා දීම වඩාත් යෝග්‍ය වේ. ඒ අනුව දේශගුණික විපර්යාස වලට නුහුරු නොවීම, ජීවීන් වද වී යාමේ තර්ජනයට පිලියම් යෙදීම, ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීම, පිරිසුදු පානීය ජලය ලබා ගැනීම සහ ජීවනෝපායන් පරිසර හිතකාමී ලෙස වැඩි දියුණු කිරීම අරමුණු කොට ගෙන ග්‍රී ලංකාව මෙවර ජගත් පරිසර දිනයට "ජාතික පරිසර සතිය" 2024 වර්ෂයේ මැයි 30 වන දින සිට ජුනි 5 වන දින දක්වා නම් කර ඇති අතර එම සතියේ දිනයන් පහත පරිදි නම් කර ඇත.
මැයි 30 - තිරසර ඉඩම් කළමනාකරණය දිනය
මැයි 31 - වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය
ජුනි 01 - ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය
ජුනි 02 - ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය
ජුනි 03 - පරිසර පවිත්‍ර කිරීමේ දිනය
ජුනි 04 - ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ දිනය
ජුනි 05 - රුක් රෝපණ හා ජගත් පරිසර දින සැමරුම
මීට අමතරව,
01.වෙරළ පරිසර පද්ධති තිරසර කළමනාකරණ හා කඩොලාන සංරක්ෂණයට ක්‍රියාමාර්ග ගැනීම
02.වෙරළ ආශ්‍රිත පරිසර කලාප ප්ලාස්ටික්, පොලිතීන් භාවිතය අවම කිරීම සදහා දිරි ගැන්වීම
03.ජලපෝෂක, රක්ෂිත ප්‍රදේශ, ගංගා ඉවුරු, තෙත් බිම් වැනි ප්‍රදේශ සංරක්ෂණයට කටයුතු කිරීම වැනි දෑ පිලිබදව අප අවදානය යොමු කල යුතු වේ.
එබැවින් අප විසින් පරිසරය සුරැකීමට ගත හැකි ක්‍රියාමාර්ග ලෙස රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත්, කසළ ප්‍රතිචක්‍රිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පාසල් වල වැඩසටහන් පවත්වමින් ළමයින්ට පරිසරයේ වැදගත්කමත් එය ආරක්ෂා කර ගන්නා ආකාරය පිලිබදව වැඩසටහන් පැවැත්වීම, ස්වාභාවික වනාන්තර ,දේශීය ශාක සහ පැළෑටි වර්ග ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම යනාදියයි. එබැවින්,ලෝක පරිසර දිනය එක් දිනයකට සීමා නොවී දිනපතාම පරිසර සුරැකීමට කටයුතු කිරීම මගින් සුවදායී ජීවිතයක් ගත කිරීමට අප සියල්ලන්ටම හැකි වනු ඇත.
Article By :- Chamodi Lakshani

Comments
Post a Comment