ලෝක කාලගුණ විද්‍යා දිනය
ලෝක කාලගුණ විද්‍යා දිනය
World Meteorological Day
සෑම වසරකම මාර්තු 23 වන දින කාලගුණ විද්‍යා දිනය ලොව පුරා සමරනු ලබන අතර එය පෘථිවි වායුගෝලයේ හැසිරීම ඉස්මතු කරන බැවින් මෙම දිනය ඉතා වැදගත් වේ.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (World Meteorological Organization) 1950 වසරේ මාර්තු මස 23 වනදා ස්ථාපිත කරන ලද අතර, එදා පටන් සෑම වසරකම මාර්තු මස 23 වනදා ලෝක කාලගුණ විද්‍යා දිනය (World Meteorological Day) ලෙස ලොව පුරා සමරනු ලැබේ. WMO යනු සාමාජික රටවල් 193 ක සාමාජිකත්වය සහිත අන්තර් රාජ්‍ය සංවිධානයකි.එහි මූලාරම්භය පැමිණියේ 1873 වියානා ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සමුළුවේදී මුල් රෝපණය කරන ලද ජාත්‍යන්තර කාලගුණ විද්‍යා සංවිධානය (IMO) විසිනි.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ සියලුම සාමාජික රාජ්‍යයන් විසින් ලෝක කාලගුණ විද්‍යා දිනය සැමරීමට පියවර ගන්නා අතර, කාලගුණය සහ දේශගුණය සහ ඊට අදාළ සාධක පිළිබඳව දැනුවත් කිරීම් ඇතුළු අදාළ අධ්‍යනයන් සංවිධානය කරන ප්‍රධාන ආයතනය ලෙස ලෝක කාලගුණ විද්‍යා සංවිධානය එක්සත් ජාතීන්ගේ පිළිගැනීමට ලක් වී ඇත.
සෑම වසරකම මෙම දිනය වෙනස් තේමාවක් හෝ සටන් පාඨයකින් සමරනු ලැබේ. 2024 ලෝක කලගුණ දිනය සැමරීමේ තේමව වී ඇත්තේ,
“At the Frontline of Climate Action.” යන්නයි.
ලෝක කාලගුණ විද්‍යා දින වැදගත්කම ලෙස
සමාජයේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා ජාතික කාලගුණ විද්‍යා හා ජල විද්‍යාත්මක සේවාවන්හි අත්‍යවශ්‍ය දායකත්වය පෙන්නුම් කරන බැවින් ලොව පුරා මෙම දිනය ඉතා වැදගත් වේ. කෙසේ වෙතත් මෙම දිනය ගෝලීය පිළිගැනීමක් මිස ලොව පුරා රජයේ නිවාඩු දිනයක් නොවේ.
Article By :- Leo Bhagesri Praweena

Comments
Post a Comment