International Mother Language Day
சர்வதேச தாய்மொழி தினம்
International Mother Language Day
2024 පෙබරවාරි 21
ස්වකීය භාෂාවේ අනන්‍යතාවය ලෝකයට විදහා දක්වන සුවිශේෂී දිනය අන්තර්ජාතික මාතෘ භාෂා දිනයයි. පුද්ගලයන් , සමාජයන් හා සංස්කෘතින් යා කරන රිදී රේඛාව භාෂාවයි. එකිනෙකා අතර අන්තර්ක්‍රියා ඇති කරමින් විවිධ වූ සංස්කෘතින් අතර සබැඳියාවක් ඇති කිරීමට භාෂාව සමත් වේ. මාතෘ භාෂා දිනයක් සැමරීමේ මූලික අදහස ඉස්මතු කරනු ලැබුවේ බංග්ලාදේශය යි. වර්ෂ 1990 දී UNESCO මහා සම්මේලනයේ දී මාතෘ භාෂා දිනය සැමරීම අනුමත කරගත් අතර 2000 වර්ෂයේ සිට ලොව පුරා භාෂාවේ වටිනාකම වටහා දෙමින් මාතෘ භාෂා දිනය සැමරීම ආරම්භ විය. ගෝලීය වශයෙන් ගත් කළ සමස්ථ ජනගහනයෙන් 40% ක් අධ්‍යාපන ප්‍රවේශයන් සඳහා යොමු නොවේ. නමුත් ඔවුන් ස්වකීය භාෂාව භාෂණය කරමින් එකිනෙකා අතර අන්තර්ක්‍රියා පවත්වා ගනිමින් ජීවත් වේ.
2024 අන්තර්ජාතික මාතෘ භාෂා දිනය සැමරීමේ තේමාව වී ඇත්තේ "බහුභාෂා අධ්‍යාපනය අන්තර් පරම්පරාවේ කුළුණ" යන්නයි. UNESCO සංවිධානය විසින් අන්තර්ජාතික මාතෘ භාෂා දිනය සඳහා වෙන් කර ඇත්තේ සෑම වර්ෂයකම පෙබරවාරි 21 වන දිනයි. ස්වකීය මාතෘ භාෂාවන් ලෝකයා ඉදිරියේ ප්‍රකාශ කිරීම , බහුභාෂා ඉගෙනුම් ඔස්සේ අන්‍ය සංස්කෘතින් කෙරෙහි ධනාත්මක බලපෑම් ඇති කර ගැනීම , සාක්ෂරතාවය පුළුල් මට්ටමකට ව්‍යාප්ත කර ගැනීම මෙහිදී අපේක්ෂා කෙරේ.
සියලු භාෂාවන් තුළ ඇති වැදගත්කම වටහා ගනිමින් සුළුතර සහ දේශීය භාෂාවන් ආරක්ෂා කිරීම වැදගත් වේ. සමාජයන් , සංස්කෘතින් දියුණු වන්නේ භාෂාවන් පදනම් කර ගනිමිනි. සංස්කෘතික උරුමයන් ඉදිරියට රැගෙන යන වාහකයා භාෂාවයි. ගෝලීය ජනගහනයෙන් 40% කට තම මාතෘ භාෂාවෙන් අධ්‍යාපන ප්‍රවේශයන් හිමි ව නොමැත. තිරසාර සමාජයන් ඉදිරියට රැගෙන යාමට භාෂාව සහ එහි විවිධත්වය වැදගත් වේ. භාෂා වටා ගෙතී පවතින සංස්කෘතින් ද වේ. සංස්කෘතින් පෝෂණය කරමින් භාෂාව ඉහළට ඔසවා තබා ගැනීමට මාතෘ භාෂා දිනය වැදගත් වේ.
Article By:- Leo Sanduni Bhagya
Design By:- Leo Pasindu Dilshan


Comments
Post a Comment